Wednesday 21 January 2009

ඇක්ෂන්

ස්ථානය-දන්ත ශල්‍යාගාරය/ඇතුලත

දොස්තර:- කට හොදට අරින්න
-රෝගියා කට අරී-
දොස්තර:- තව තව ඔයාගෙ හක්කෙ දතක්නෙ ගලවන්නෙ තව හොදට කට අරින්න
-රෝගියාගේ ඉවසීමේ සීමාව ඉක්මවා යයි-
රෝගියා මදක් කෙලන් වී මෙසේ අසයි

"ඩොක්ටර් මගෙ දත ගලවන්නෙ පිට ඉදලද නැත්තම් මගෙ කට ඇතුලට රිංගලද"

නිදි පෙති

තද නින්දකට වැටීසිටින සිය සැමියා ලගට පැමිණෙන
බිරිද:- ඒයි ඒයි......නැගිටින්න මේ ඔයාගෙ පෙති දකෙ බීලා නිදාගන්න
සැමියා:- මො මොනවද.... මොන පෙතිද
බිරිද:- මේ ඔයාගෙ නිදි පෙති මේක බීලම නිදා ගන්න